Sunday, September 21, 2014

සහෘද ඇසකින්......



දොස්තර යසනාත් ධම්මික බණ්ඩාර...

 

  මං මුලින්ම ඔහුව හඳුන ගත්තෙ වෛද්‍යතුමන් ඉමාන් අයියට (එයා අපේ ඉස්කෝලෙ - අම්බලංගොඩ ධර්මාශෝකයේ - අයියා කෙනෙක්) ලිව්ව සුවඳ මල් ගීතයෙන්.
මේ එම ගීතයට පිවිසුමයි.
 

ඊට පස්සෙ දිවුල්ගනේ මහත්මයාගෙ "අර මෝදුවෙලා සිනා පුරන.." ගීතයෙන්. අනූව දශකය අන්තිම හරියෙදි.. මං ඒ ගීතයට හුඟක් ආස කලා... නවරත්න ගමගේ මහත්මයාගෙ සංගීතය වෙන්න ඇති ඒ පද මාලාව මාව එක්කගෙන ගියේ සුන්දර හවස් යාමෙකට, ඉර බැහැගෙන යන, සමහර විට මුහුදක් අයිනට, නැත්නම් පේරාදෙනිය කැම්පස් එකට. ඒ සින්දුව පුරාම ගෑවිලා තිබුනෙ රතු, තැඹිලි, කහ පාටක් .


ඒත් යසනාත් මට වීරයෙක් උනෙත්, නවරත්න ගමගේ මහා සංගීතඥයෙක් උනෙත්, රශ්මි සංගීතා ගෙ හඬ මාව උමතු කලෙත්, වලාකුලු පෙලින් බහින්න ගීතෙන්...
මොන හේතුවක් නිසාද මන්දා මට ඒ ගීතය අහද්දි මැවෙන්නෙම සුන්දර පේරාදෙනිය,. ඒ ගීතය ඇහිච්ච කාලෙ මගේ හිතෙ තිබිච්ච හීන දෙකෙන් එකක් පේරදෙනිය, අනික් හීනෙ හැබෑ කරගෙන සුන්දර හන්තාන කඳු පාමුලට එන්න හීන දැක්කට කවදාවත් ඒ හීන හැබෑ කරගන්න ලැබුනෙ නෑ මට. ඒත් ඒ හීන අස්සෙ අසීමාන්විතව සැරිසරන්න උදව් කල ගීතයක් වලාකුලු පෙලින් බහින්න ගීතය. මල් ලියකම් වලින් පිරුනු සඳලු තලාවක ඉන්න එයා දිහා පාත ඉඳන් බලන්න මං කොච්චර ආස කලාද ඒ දවස්වල.
පස්සෙ කාලෙකදි අපි මේ කොන්ක්‍රීට් වනාන්තරේ සල්ලි හොයන්න උන්මත්තකයො වගේ දුවන්න ගත්තම ගීත රස වින්දනය කොච්චර නම් මොට උනාද. අනික් කාරනේ ඉස්සර ඇහිච්ච සුන්දර ගීත වගේ හිත බැඳගන්න ගීත ගොඩාක් අඩුවෙන් බිහිවීම. කොහොමත් ගීතයක් විඳින්න මිනිහෙක්ට නිදහස් මනසකුයි, නිදහස් පරිසරයකුයි, උචිත අවස්තාවකුයි තියෙන්න ඕනි. අවාසනාවකට මේ තුනම සම්පූර්න වෙන වෙලාවක් අපෙ ජීවිතේ හොයා ගන්න හරිම අමාරුයි.


ඔය අතරෙදි තමයි මං මගේ මූනු පොතේ මිතුරු අයදුමක් යවලා යසනාත් මහත්තයව මගේ මිතුරෙක් කර ගත්තේ. වෙලාවක් නැති උනත් පුලු පුලුවන් වෙලාවට එතුමා ලියන දේවල් මං කියෙව්වෙ හරිම ආසාවෙන්. දවසක් එතුමා එතුමා විසින් ලියපු රශ්මි සංගීතා ගායනා කරන රෝහන වීරසිංහයන් සංගීතවත් කරපු ගීතයක් තමන්ගෙ මූනු පොතේ බිත්තිය මත දාලා තිබුනා. ඒක මුලින්ම මගේ කනට වැටුනෙ එදා. ඒකෙන් මාව කොපමන කම්පනයට පත් උනාදැයි මට වචනයෙන් විස්තර කරන්න බෑ. මගේ ජීවිතේ සුන්දරම කාලය ගත කලේ මීට අවුරුදු 14කට විතර කලින්. ඒ කාලේ පුදුමාකාර රොමාන්තික සිතුවිලිවලින් හදවත පිරි ඉතිරි තිබුනු කාලයක්.
අවුරුදු ගානකට පස්සෙ වැලලිලා ගියපු මගේ අතීතය ගොඩ ගත්තු ඒ සුන්දර ගීතය ඔබත් වින්දනය කර බලන්න.
සිහිනයක් දුටුවා
නුඹත් එහි සිටියා
හැඳින ගන්නට බැරි තරම් නුඹ
වෙනස් බව දැනුනා
මට සිහිනෙනුත් හැඬුනා...


මම ඉකි ගසා හැඬුවා
නුඹ එහෙත් ගී ගැයුවා
අරුමයකි එහි නුඹේ කට හඬ
නොමැති බව දැනුනා
මට සිහිනෙනුත් හැඬුනා...

නුඹ මලක් සේ පිපුනා
මම සිහිනයේ දුටුවා
අරුමයකි එහි නුඹේ සුවඳක්
නොමැති බව දැනුනා
මට සිහිනෙනුත් හැඬුනා...

මෙහි සංගීතය පුදුමාකාරයි. මාර ලස්සනයි. පුලුවන් වෙච්චි වෙලාවක හිස් කරගත්තු හිතකින් මේ ගීතය අහල බලන්න. ගීතය ඉවර වෙද්දි ඔබ කොයි තරම් හිත පුරවන් ඉන්නවද කියල බලන්න.



Charith Saranga Sawanawadu - Rainbow of Thoughts

9 comments:

  1. //මං මුලින්ම ඔහුව හඳුන ගත්තෙ වෛද්‍යතුමන් ඉමාන් අයියට //

    මේකේ තේරුම මොකක්ද දොත්තර මාත්තයෝ..??

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ, "යසනාත් ධම්මික බණ්ඩාර ඉමාන් පෙරේරා ට ලිවුව සුවඳ මල් රේණු පිසගෙන ලිවුව ගීතය........"

      Delete
    2. මම හිතන්නේ මාව මුළින්ම ගීත රචකයෙක් ලෙස හඳුනා ගත් අයුර එහි කියන බවයි. ////// මං මුලින්ම ඔහුව හඳුන ගත්තෙ වෛද්‍යතුමන් ඉමාන් අයියට ලිව්ව සුවඳ මල් ගීතයෙන්.......//////

      Delete
    3. සිංහල භාෂාව හැසිර වීමේදී සිදු උන යම් ප්‍රමාදයක් නිසා මෙහි කියන්න උත්සාහකලදේ වැටහුනේ නැතිනම් සමා වෙන්න. මං කිව්වෙ යසනාත් මහත්මයාව (වෛද්‍යතුමා ) මුලින්ම හඳුනාගත්තේ එතුමා ඉමාන් පෙරේරා වෙනුවෙන් ලියපු ගීතයකින් කියලයි. කොහොම උනත් යසනාත් මහතාගේ යසනාත් සිතිවිලි තුල මා ලියූ සටහනක් පල කිරීම ගැන මා පත්ව සිටින්නේ මහත් ප්‍රහර්ශයකටයි. අපි ආදරේ කරන, අපට යෝධයන් සේ දැනෙන මිනිසුන්ගේ අවධානය ලැබීම මහත් වූ සතුටක්. ස්තූතියි යසනාත් ධම්මික බණ්ඩාර දිසානායකයානෙනි. මම චරිත් සවනාවඩු

      Delete
    4. මම එහි ලොකු වැරදක් දකින්නේ නෑ. ලියන කොට කෙනෙකුගේ හිතේ තියෙන දේ සමහර විට අනෙකාට ඒ විදිහටම නොදැනෙන්න ලියවෙන්න පුළුවන්. ඒක කාටත් වෙන්න පුළුවන්. මේත් එහෙම තැනක්. ඒ ගැන එතරම් හිතන්න එපා. හැබැයි ඔබේ නිවැරදි කිරීමේ කමෙන්ටුව තුළ වූ සුළු වරදක් කියන්නම්. මගේ නමට දිසානායක කොටසක් නම් නෑ. ඒක ලියුවේ ඔබේ දැන ගැනීම පිණිස. ස්තුතියි මගේ ගීත කිහිපයක්ම ඔබට දැනුනු අයුර ලියා තැබුවාට.

      Delete
    5. ඇත්තටම මම කිව්ව දෙයෙහි ඇති දෙයක් නෑ.. නමුත් විරාම ලකුණක වටිනාකම ඒකෙන් පැහැදිලි වෙන්න ඇති. ඕවා සාමාන්‍යයි. මටත් එහෙමයි. ස්තුතියි යසනාත්ටත් මට කලින්ම මේ පිළිබදව අදහස් දකවා වැරදි අවබෝධය වෙනස් කරවීම පිළිබඳව.

      Delete
  2. යසනාත් ධම්මික බණ්ඩාර කියන්නෙ මගෙ හිතෙත් ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම හිටිය ප්‍රියතම පුද්ගලයෙක්. කොහොමත් ඉස්කෝලෙ යන කාලෙ දොස්තරලා, මෙඩිකල් ස්‍ටුඩන්ට්ස්ලා අපිට වීරයොනෙ. ඒ නිසා සහ, ඔහුගේ ගීත රචනා වලට මගෙ තිබුණ ආශාව ඒ ප්‍රියතාවය දෙගුන තෙගුණ කලා. ඒ නිසාම තමයි මමත් ඔහුව Face book එකේ හොයලා එකතු කරගත්තෙ

    ReplyDelete
  3. ලංකාවෙ කොතනකවත්නැතිව ඇති යසනාත් මහත්මය ලියපු ගීතයක් නාහලු කෙනෙක්...
    නැද්ද මං අහන්නෙ

    ReplyDelete
  4. රශ්මි සංගීතා ශිල්පිණියගේ මං කැමතිම ගීය තමයි මන්නාරම් කන්‍යාරාමය.

    රත්නශ්‍රී විජේසිංහයන්ගෙ මේ පද නිර්මාණය අපව දැඩි කම්පනයකට පත්කරනවා. මේ තමයි කලාකරුවෙකු සතු පුළුල් සමාජ දෘෂ්ඨිය.

    ReplyDelete